අපගේ දැක්ම හා අපගේ මෙහෙවර

VM

 

 

හැඳින්වීම

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ, පස්බාගේ, උඩුනුවර, දොළුව, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ද,  මායිම් කොටගෙන ඇති උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමිටර් 79.4 ක් තුළ පැතිර පවතී.

පරිපාලන පහසුව සඳහා මෙම කොට්ඨාශය  ග්‍රාම නිළධාරි වසම් 49 කට බෙදා වෙන් කර ඇති අතර එම ග්‍රාම නිළධාරි වසම්වලට ගම් 201 ක් අයත් වේ . මුළු පවුල් සංඛ්‍යාව 26127 ක් වන අතර මුළු ජනගහනය 110569 කි. පළාත්පාලන ආයතන නගර සභාව සහ ප්‍රාදේශිය සභාව වශයෙන් බෙදා  වෙන් කර ඇත.

දිස්ත්‍රික්කයේ ප්‍රධානතම නගරය වන මහනුවර සිට සැතපුම් 13 ක්  නිරිත දෙසින් පිහිටා ඇති මෙම කොට්ඨාශය හරහා මහනුවර සිට නුවරඑළිය  දක්වා ද , මහනුවර සිට හැටන් දක්වා ද, දිවෙන ප්‍රධාන මාර්ගය ද, කොළඹ සිට මහනුවර හරහා බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයද වැටී  ඇත.

භූගෝලීය ලක්ෂණ

කොට්ඨාශයේ උන්නතාංශය මුහුදු මට්ටමේ සිට අඩි 1500  සිට  5500 දක්වා වෙනස් වන උසකින් යුක්ත කඳු තැනිතලා , ගංඟා නිම්න හා පහත් බිම් සහිත මිශ්‍ර භූ රෑපවලින් යුක්ත වන අතර,  මෙම ප්‍රදේශය හරහා මහවැලි නදිය ගලා බසියි. මෙයට අමතරව පුස්සැල්ලාවේ ඔය , අටබාගේ ඔය , මහවැලි නදියට එක්වේ . මෙම කොට්ඨාශය  සමස්ථයක් වශයෙන් ගත් කළ කඳුකර හා පහත් බිම්වල ජල උල්පත් හිඟයකින් තොරව ඇත .

 

දේශගුණය

ශ්‍රි ලංකාවේ දේශගුණික කලාප අනුව බලන විට මැද රට තෙත් කලාපයට අයත් වන  උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුස්සැල්ලාව කඳු වලින් නැගෙනහිරට විහිදෙන කොටස ශීත දේශගුණික කලාපීය ලක්ෂණවලින් යුක්තය. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-24 අතර වේ. උෂ්ණත්වයේ ප්‍රාදේශිය වෙනස්කම් ඉතා වැදගත් ලෙස කැපී පෙනෙන අතර එය සෙල්සියස් අංශක 15-30 දක්වා වේ. ප්‍රාදේශිය වර්ෂාපතනය මිලිමීටර් 2000-2500 වන අතර වසර පුරාම ඊශාන දිග හා නිරිත දිග මෝසම් මගින්ද, අන්තර් මෝසම්  සහ සංවහන වැසි මගින්  ද වර්ෂාව ලැබෙන අතර තෙත් කලාපීය ලක්ෂණ වලින්ද  යුක්තය.

 

ජලවහන රටාව      

කොට්ඨාශයෙන් 75% ක් පමණ මහවැලි ගඟ සහ අතු ගංඟාවල ජලයෙන් පෝෂණය වේ .  භුගත ජලය සහ කුඩා දිය පහරවල් ද මෙයට උදවු වේ.

 

ස්වාභාවික වෘක්ෂලතා

විශාල වශයෙන් ව්‍යාප්ත වු වන ප්‍රෙද්ශයක් මෙහි දක්නට නොමැති අතර තෙත් කලාපීය ස්වභාවික වෘක්ෂලතා වැඩි වශයෙන් දක්නට ලැබේ.අම්බුළුවාව,  දොරගල , පුස්සැල්ලාව , දුනුකේඋල්ල,වැනි ඉහළ උසකින් යුතු ප්‍රදේශවල වනාන්තර ව්‍යාප්තව ඇත .මීට අමතරව තේ ඉඩම් ආශ්‍රිතව ජල රක්ෂිත ලෙස  වනාන්තර ඉඩම් ප්‍රමාණයක් දැකිය හැක .

උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඵෙතිහාසික පසුබිම

“උඩ පළාත" යන නමින් මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ නියම්ගම්පාය යන ස්ථානයේ පැවති  සත් මහල් ප්‍රාසාදයක් නිසා බව ( උඩ+ පළ+හත =උඩපළාත) ජනප්‍රවාදයෙහි එයි.

ඒ අනුව විජයාගමනයටත් පෙර සිට ලංකාව රාජාණ්ඩුවකින් පාලනය වූ දේශයක් විය. විවිධ වකවානු වලදී යුගයේ අවශ්‍යතාවයන්ට අනුකූලව අනුරාධපුර, පොළොන්නරුව, දඔෙදණිය, යාපහුව ආදී පුරවරයන්හි රාජධානි බිහිවිය. විවිධ හේතූන් මත එසේ පිහිටවනු ලැබූ රාජධානි වෙනත් ප්‍රදේශයන්ට සංක්‍රමණය වුණි. ඒ අනුව කුරුණෑගල යුගයෙන්  පසුව ගම්පොල රාජධානිය බිහිවිය. ප්‍රදේශයේ පිහිටටීම රාජ්‍යක් පිහිටීමට ඇති ආරක්ෂාව හා අනෙකුත් භෞතික හේතූන් මත යෝග්‍යය  වූ හෙයින් ත්‍රි සිංහලාධීෂ්වර ලෙස ප්‍රකට 4 වන බුවනෙකබාහු රජතුමා ගම්පොලරාජධානිය ප්‍රකාශ කොට අභිශේක ලැබීය. ඉන්පසුව කෝට්ටේ පුරවරයට රාජධානිය සංක්‍රමණය වන තෙක් අඩසියවසකට මදක් වැඩි කාලසීමාවක් රජවරුන් සිව් දෙනෙකුට ගම්පොල රාජධානිය විය.

වර්තමාන උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ක්‍රි.ව. 1341 සිට 1415 දක්වා පැවති ගඟසිරිපුර (ගම්පොල) රාජධානි සමයේ අගනුවර වූ ගංගා ශ්‍රී පුරයෙන් වැඩි ප්‍රමාණයක් අයත්ව පැවති බව නගරය වටා පැවති මුර කපොලු වලින් සනාථ වේ. කලුවාහල්කඩ, බොරලුමංකඩ (දැනුදු ඒ නම් ව්‍යවහාරයේ පවතී) ආඩියාකඩවත (මහවැලි ගගෙන් එතෙර මෙතෙර වූ ස්ථානයයි) රැකවල්පොල (ගම්පොල සිට කඩුගන්නාව පාරේ වටදෙණිය මාර්ගයට සම්බන්ධ වන ස්ථානයයි) අම්බුලුවාව, ගැරඩිඇල්ල, තැඹිල්ගල (මරු ඇල්ල නමින් හදුන්වන) පැරණි නගරයේ ආරක්ෂාවට යොදා තිබූ මුරකපොලු විය. මෙයින් ගල්පාය හා ගැරඩිඇල්ල උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් බැහැරව ඇත.  ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෙම ප්‍රදේශය ජනාවාසිකව පැවති බවට සාධක ඇත. පේරාදෙණිය, පුස්සැල්ලාව, ගම්පොල, නාවලපිටිය, දොළොස්බාගේ යන ප්‍රදේශ වලින් හමු වී ඇති පුරාතන හා මධ්‍යතන යුග වලට අයත් මෙවලන් වලින් මෙන්ම අම්බුලුවාවට දකුණු පසින් පිහිටා ඇති අලුගොල්ල ගමේ විසිරී ඇති යබොර අනුව හා ජනප්‍රවාද අනුවද මෙම ප්‍රදේශය පුරාතන ශිලා යුගය, මධ්‍යතන ශිලායුගය, නූතන ශිලා යුගය, යකඩ භාවිතයට ගත් යුග වලජනාවාස පැවති බව සනාථ වේ.

 

උඩපළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රාදේශිය ලේකම්වරුන්

ප්‍රාදේශිය ලේකම්ගේ නම

 සිට දක්වා
 ඒ.එම්.ආර්.බී.අබේසිංහ මයා 1991         
 එච්.එම්.හේරත් අබේවීර මයා 1994 1995
 එස්.වීරබාහු මයා 1995 1996
 පී.ධර්මදාස මයා 1996 1998
 ආර්.එම්.ඩි.බි.මීගස්මුල්ල මයා 1998 2002
 බී.එම්.නිමල් බාලසුරිය මයා 2002 2012
 ටි.ගාමිණි මුණසිංහ මයා 2013 2014
 යු.පී.ඉන්දික අනුරුද්ධ පියදාස මයා    2014 2017
 ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය  2017  
  ඒ. ඩී. ජයරත්න මහත්මිය      

News & Events

23
ඔක්2025
Procument Notice

Procument Notice

Procurement notice regarding the construction of 14...

Scroll To Top